Geeyaka Arutha
Tuesday, June 28, 2016
එගොඩහ යන්නෝ - ෂෙල්ටන් පෙරේරා
එගොඩහ යන්නෝ
මෙගොඩහ එන්නෝ
තව කවුරුද ඉන්නේ ...
ගඟුල අනෝමයි අද මට වෙහෙසයි
යනවා නම් එන්නේ ...
මම මේ ගඟුලේ අඟුලේ නැගලා
එගොඩ මෙගොඩ යනවා ...
පමා නොවන්නේ අඳුර වැටෙන්නේ
යනවා නම් එන්නේ ..."
ෂෙල්ටන් පෙරේරා ගායකයානන් විසින් ගයන ලද ගීත රචක ඩෝල්ටන් අල්විස් ශූරීන් විසින් පද රචනා කල ජනහද දිනාගත් මෙම ගීතයේ සැබෑ අරුත ඹබ අප දන්නේ සිය ජීවිකාව ඹරු පැදීම කරගත් දුප්පත් තොටියෙකුගේ කතාවයි.
නමුත් එය එසේ නොවේ. එය සැබැවින්ම සියලු සත්වයින්ට මහා කරුණාවෙන් සසරින් එතෙර වීම සඳහා දම් දෙසූ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සිය ජීවිතයේ වියපත් සමයේ පරිනිර්වාණය සඳහා කුසිනාරා නුවරට පැමිණි මොහොතේ ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් දෙසූ අවසන් වදන් කීපයයි.
මහා පරිනිර්වාණ සූත්‍රය ඇසුරෙන් ගීත රචක ඩෝල්ටන් අල්විස් ශූරීන් එම ගීතයේ " ගඟුල " මේ භයන්කාර සංසාරයත් " අඟුල " නිවන් මාර්ගය පෙන්වා දෙන ඒ උතුම් ධර්මයත් " තොටියා " නම් ඒ සියල්ල අවබෝධ කරගත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් උපමාකරඇත.
එය මෙසේය,
" එගොඩහ යන්නෝ මෙගොඩහ යන්නෝ තව කවුරුද ඉන්නේ " මේ වදන තුල මේ සංසාරයෙන් තමන් වහන්සේ එගොඩ වී ඇති බවත් එගොඩ වීමට කැමති තවත් අය සිටී නම් පිහිට විය හැකි බවත් සඳහන්ය. " ගඟුල අනෝමයි අද මට වෙහෙසයි යනවා නම් එන්නේ " මේ සංසාරය ඉතාමත් භයංකාරය අද මා වියපත්ව වෙහෙසට පත්ව ඇත. එහෙත් ඹබ මේ සංසාරයෙන් එගොඩ වන්නේ නම් මම ඹබට පිහිට වෙමි. ඒ අප කෙරෙහි අනුකම්පාවෙන් දෙසූ දහම් වදන්ය.
" මම මේ ගඟුලේ අඟුලේ නැගලා එගොඩ මෙගොඩ යනවා " ඇවැත්නි මා මේ සංසාරයෙන් එතෙරව මේ ජීවිතය තුලම නිරෝධ සමාපත්තියට සමවැදී ඒ අමා නිවනේ සුවය අත්විඳිමි. " පමා නොවන්නේ අඳුර වැටෙන්නේ යනවා නම් එන්නේ " ඹබ පමා නොවන්න තව ස්වල්ප මොහොතකින් තථාගතයන් වහන්සේ ඹබ ගෙන් සමුගනියි. සංසාරය අඳුරුය. වහ වහා මේ සංසාරයෙන් එතෙර වන්න උත්සාහ කරන්න. ධර්ම මාර්ගයට අවතීර්ණ වන්න මම ඹබට පිහිට වෙමි. ඒ සියලු ලෝක සත්වයන් කෙරෙහි මහා කරුණාවෙන් දෙසූ අවසන් වදන් කීපයයි.
සමස්ත ගීතය තුල ඇත්තේ ලෝක සත්වයන්ට මහා කරුණාවෙන් දහම් දෙසා නිවන් මග පෙන්වූ තථාගතයන් වහන්සේතම ජීවිතයේ අවසන් මොහොතේද පවසා ඇත්තේ" මේ සංසාරය අඳුරු බියකරු බවත් වහ වහා ඉන් එතෙර වීමට උත්සාහ කලයුතු බවය.
අද බොහෝ දෙනා සැනසීම සොයාගෙන ඉබාගාතේ එහේ මෙහේ දුවති. රැවටෙති. අවසානයේ වෙහසට පත්වෙති. සොයාගත් සැනසීමක් නොමැත. බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ රූප, චිත්ත, චෛයතසික, නිර්වාණයෙන් සැදුම්ලත් මේ ලෝක ධාතුවේ බඹයක් පමනවූ ශරීරය තුල ලෝකය පවතින බවය. සැනසීම සොයාගත හැක්කේ එය තුලින්ම පමණක් බවත්ය.
සංස්කාර ධර්මයන් ගෙන් සැදුනු මේ ලෝක ධාතුව තුල සියලුම සංස්කාරයෝ මොහොතක් මොහොතක් පාසා ඇති වෙමින් පවතිමින් නැතිවෙමින් ( උත්පාද,ථිති,භංග) පවතී. මෙය ක්ෂණයක් තුල සිදුවන්නකි. කෂණයක් යනු තත්පරයකින් කෝටියකින් පංගුවකටත් වඩා අඩු කාලයකි. එබැවින් මෙවන් කුඩා කාලයක් තුල අධික වේගයකින් සිදුවන මෙම කාර්ය නිසා අපට සත්වයා, ලෝකය පවතින ලෙස පෙනෙයි. එහෙත් මෙය මිත්‍යාවකි, මායාවකි, අවිද්‍යාවයි.
සැනසුම ලැබීමට නම් අප කල යුත්තේ මොහොතක් පාසා සිදුවන මෙම කාර්ය ගැන නුවණින් මෙනෙහි කිරීමය. එනම් යෝනිසෝ මනසිකාරය වැඩීමයි. එයම විදර්ශණාවයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මහා පුඥාවෙන් අවභෝධ කරගත්තේ මෙයයි. එවිට අමා නිවන් සුව බොහෝ දුර නොවේ.
Subscribe to:
Comments (Atom)